Sunday, November 3, 2019

Facebook Apk 230.0.0.36.117 + Mod + Lite for Android

  • Current Version: 230.0.0.36.117
  • File size: 53 MB | 41 MB
  • DOWNLOAD
  • Download WhatsApp Plus (WhatsApp+) JiMODs 8.10 Apk Android

    WhatsApp Plus Android thumb
  • Current Version: 3.0 | 8.0 | 8.10
  • File size: 18 MB | 57 MB | 52 MB
  • DOWNLOAD

  • Photo Editor Pro 2019 – Photo editor v1.0.7.9 build 11 [Paid] Сracked APK is Here ! [Latest]

    How to Install ?
    1. Download the Cracked Apk from below Link
    2. Install it on your device
    3. Done, Enjoy
    4. download  

    Adobe Audition 2019 v12.1.3.10 With Crack

    Adobe Audition CC Crack

    Creature Animation Pro 3.67 (x64) With Crack

    Creature Animation Pro Crack

    Adobe Photoshop CC 2019 v20.0.6.27696 With Crack

    Adobe Photoshop CC 2019 Crack Serial Key Patch Keygen

    Adobe Indesign CC 2019 v14.0.3.422 (x64) With crack

    Adobe Indesign CC 2019 Crack

    CyberLink PowerDVD Ultra 19.0.2005.62 With Crack

    CyberLink PowerDVD Ultra Crack

    Adobe Premiere Pro CC v1.2 (x64) With Crack

    Adobe Premiere Pro CC Crack

    Xara Designer Pro X 16.2.1.57326 With Carck

    Xara Designer Pro X Carck

    Xara Photo & Graphic Designer 16.2.1.57326 With crack

    Xara Photo & Graphic Designer Full Version Crack Patch Keygen License Key

    Windows 10 Activator Ultimate 2019 1.1 With Crack

    Windows 10 Activator Ultimate 2019 Crack


    Adobe FrameMaker 2019 15.0.4.751 (x64) With Crack

    Adobe FrameMaker Crack

    Easy Voice Recorder Pro v2.7.0 build 282700701 [Paid] Cracked APK is Here ! [Latest]

    Easy Voice Recorder Pro v2.7.0 build 282700701 [Paid] Cracked APK is Here ! [Latest]

    Stimmrekorder Plus Profi ScreenshotStimmrekorder Plus Profi Screenshot
    How to Install ?
    1. Download the Cracked Apk from below Link
    2. Install it on your device
    3. Done, Enjoy !

    Adobe Photoshop Lightroom Classic 2019 v8.4.1.10 With Crack

    Adobe Photoshop Lightroom Classic 2019 v8.4.1.10 With Crack

    Adobe Photoshop Lightroom Classic crack

    IObit Driver Booster Pro 7.0.2.436 With Crack

    IObit Driver Booster Pro 7.0.2.436 With Crack

    IObit Driver Booster Pro Full Crack

    IObit Uninstaller Pro 9.1.0.11 With Crack

    IObit Uninstaller Pro 9.1.0.11 With Crack

    IObit Uninstaller Pro 9 key

    Advanced SystemCare Ultimate 12.3.0.161 With Crack

    Advanced SystemCare Ultimate 12.3.0.161 With Crack

    Advanced SystemCare Ultimate 11 License Key

    Wondershare Filmora 9.2.9.13 (x64) With Crack

    Wondershare Filmora 9.2.9.13 (x64) With Crack

    Wondershare Filmora Crack

    Internet Download Manager 6.35 Build 5 With Crack

    Internet Download Manager 6.35 Build 5 With Crack

    Internet Download Manager crack

    jetAudio Music Player+EQ Plus 9.11.1 APK + Mod for Android

  • Current Version: 9.11.1

  • File size: 17 MB | 8 MB
  • download
  • Tuesday, February 19, 2019




    Binary Option Trading Signals ගැන හැමදෙයක්ම දැනගන්න…


    Sarusara
    දැනට පවතින හොඳම Binary Options Trading Signal සේවාවන් ගැන වගේම ඔබේ Binary Options Trading Career එකේ සාර්ථකත්වයට ඒවා යොදා ගන්න ආකාරය ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ලිපිය කියෙව්වාට පස්සෙත් ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් ඕනේ වෙලාවක මගෙන් අහන්න පුළුවන්.
    "මුලින්ම කියන්න ඕනේ,
    මගේ Trading Career එකේදී කිසිමදාක Binary Options Signal Service එකක සහාය ලබාගෙන නැති බව. හැමදාම කියනවා වගේ සාර්ථක Trader කෙනෙක් වෙන්න නම් කැපවීමත් අද්දැකීමුත් අවශ්‍යයි. අද්දැකීම් ලබා ගන්න නම් සැලකිය යුතු කාලයක් trade කරන්න ඕනේ. ඒත් ගොඩක් දෙනෙකුට හොඳ trader කෙනෙක් වෙන්නට කැපවෙන්න කාලයක් නැති නිසා තමයි මේ වගේ Binary Options Trading Signal Services බිහි වෙලා තියෙන්නේ."

    මොනවාද මේ Binary Options Signal කියන්නේ?

    ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි market එකට enter වෙන්නේ මොන වෙලාවටද කියලා හිතා ගන්න බැරි එක. කලින් වතාවේ හරියටම හරි ගිය pattern එක ඊළග වතාවේදී යන්නේ අනිත් පැත්තට... ඉතින් මේ වගේ ප්‍රශ්න රැසක අතරමං වෙලා ඉන්න අයට සහය වෙන්න...
    • හරියටම මේ වෙලාවේදී ගන්න ඕනේ Asset එක මොකද්ද?
    • Entry Price එක මොකද්ද?
    • Expiry Time එක මොකද්ද?
    කියලා ලැබෙන Alerts වලට තමයි Binary Options Trading Signals කියලා කියන්නේ.

    Binary Options Signal Services තියෙන්නේ ඇයි?

    සාමාන්‍යයෙන් market එකේ trade කරන හැමෝම වෘත්තීය traders ලා නෙවෙයි. වැඩි දෙනෙක් job එකක් කරගෙන දෙයියනේ කියලා කාලා බීලා විහිළුවක් තහළුවක් කරගෙන විනෝදයෙන් ඉන්න අය. ඉතින් මේ සෑහෙන දෙනෙකුට...
    • market එක ගැන ඉතාමත් හොඳ දැනුමක්වත්,
    • trading ක්‍රියාවලිය ගැන අවබෝධයක්වත්,
    • නිවැරදිව Technical/Fundamental Analysis එකක් සිදු කරන ආකාරය පිලිබඳ දැනුමක්වත්,
    • වසර ගණනක් පුරා විහිදුණු trading අද්දැකීම් සමුදායක්වත්
    • හොඳ edge එකක් එනකල් ඉවසීමෙන් සහ විනයානුකුලව පැය ගණනක් screen එක දිහා බලාගෙන ඉන්න වෙලාවක්වත් නැහැ.
    ඉතින් මෙන්න මේ අඩුව පුරවන්න තමයි Binary Options Signal Services බිහිවෙලා තියෙන්නේ.
    සම්පුර්ණ කරන්න වසර ගණනාවක් ගත වන වෘත්තීය trader කෙනෙකුගේ learning curve එක මඟ හැරලා අලුතෙන් market එකට enter වෙන කෙනෙකුට වුණත් කිසිම අපහසුවකින් තොරව පටන් ගත්ත දවසේ ඉඳන් profit කරන්න පුළුවන් ආකාරයට තමයි මේ signal services නිර්මාණය වෙලා තියෙන්නේ.
    සාමාන්‍යයෙන් මේ වගේ signal services සපයන්නේ වසර ගණනාවක් market එකේ trade කරපු වෘත්තීය මට්ටමේ tradersලා. සමහර වෙලාවට තනි පුද්ගලයන් විදියටත්, කීපදෙනෙක් එකතු වෙලා පිහිටවපු සමාගම් විදියටත් මේ signal services තියෙනවා.
    මේ ලෝකේ කිසිම trader කෙනෙකුට තමන් enter කරන හැම trade එකක් ම profit ගන්න බැහැ. එහෙම කොතන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතන වෙන්නේ බොරුවක්. ඇත්තටම අපි enter කරන හැම trade එකෙන්ම profits ඕනෙත් නැහැ. එකට තමයි අපි අපේ account balance එකේ හැටියට risk එක ගණනය කරලා නිවැරදිව position sizing කළ යුතු වෙන්නේ.

    Binary Options Signals ගන්න කොච්චර ගාණක් යනවද?

    Binary Options Signals වලට අය කරන මුදල තීරණය වෙන්නේ signal providerගේ ජනප්‍රියත්වය අනුවයි. එම සමාගමෙන් හරි පුද්ගලයාගෙන් හරි කීදෙනෙක් signals ලබා ගන්නවාද කියන සාධකය මත තමයි ජනප්‍රියත්වය තීරණය වෙන්නේ. කීදෙනෙක් signals ලබා ගන්නවාද කියන එක බොහෝ දුරට රඳා පවතින්නේ අදාළ providerගේ accuracy එක නැතිනම් නිවරද්‍යතාවය මතයි.
    සාමාන්‍යයෙන් දැනට ජනප්‍රිය signal services මාසයකට ඩොලර් 150 - 200ක් විතර අය කරනවා. අය කරන මුදල වැඩියි නම් ගුණාත්මකභාවයත් වැඩි වෙන්න ඕනේ නේ!

    දැනට තිබෙන Binary Options Signal Services මොනවාද?

    දැනට ජනප්‍රියම, වැඩිම subscribersලා ප්‍රමාණයක් සිටින, මාස 6කට වඩා කාලයක් එක දිගට signals සපයා ඇති සේවාවන් කීපයක් එකතු කරලා මම මේ Compare Binary Options Signals ලිපිය නිර්මාණය කරලා තියෙනවා. ඒකෙ තියෙන කරුණු කාරණා ගැන හොඳට හිතලා බලලා ඔබේ අවශ්‍යතාවයන්ට හා පසුම්බියට වඩාත්ම ගැලපෙන signal service එක තෝරා ගන්න.
    ඉතා වැදගත්: 

    Binary Options Signal සේවයක් තොරාගන්න කොට සැලකිය යුතු කරුණු මොනවාද?

    1. නිවරද්‍යතාවය
      ඔබ තෝරාගන්නා Binary Options Signal සේවාව ලබාදෙන Signals වලින් 100 කට කොපමණ ප්‍රමාණයකින් නිවැරදි වෙනවාද කියන කාරණය.
       
    2. Signals සපයන්නේ කවුරුන්ද? ස්වයංක්‍රීය Trading පද්ධති මඟින් ලබාදෙන ඇතැම් Signal සේවා වල නිවරද්‍යතාවය වෙළඳපලේ ස්වභාවය අනුව බොහොම සංවේදී වෙනවා. ඒත් පළපුරුදු trader කෙනෙක් එක්ක trade කරන්නට ඉඩ ලබා දෙන signal සේවා වලදී අපේ සාර්ථකත්වය සීග්‍ර ලෙස ඉහළ යනවා.
    3. මිල
      ඇතැම් signal සේවාවන් සඳහා සම්බන්ධ වී ඒ පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට දින කීපයක් ගත වෙනවා. (විශේෂයෙන්ම live trading rooms ආශ්‍රයෙන් signal සපයන සේවාවන් වලදී)
    4. මුදල් ගෙවන ආකාරය (එක වරක් හෝ දිගින් දිගටම)
      ඇතැම් signal සේවාවන් වලදී අදාළ ගෙවීම් කාලය අවසානයේදී ස්වයංක්‍රීයව ඔබේ signal subscription එක යාවත්කාලීන වන ලෙසට සකසා තිබෙනවා. ඒ නිසා මේ ගැන දැනුවත් වීම අනිවාර්යයි.
    5. කොපමණ signals ප්‍රමාණයක් ලබා දෙනවාද?
      ඇත්ත වශයෙන්ම ලබා දෙන signals ප්‍රමානයට වඩා ගොඩක් වැදගත් වන්නේ ඒවායේ නිරවද්‍යතාවය යි.
    6. ඔබේ ප්‍රාග්ධනය
      Binary Options Trading සඳහා ඔබ ආයෝජනය කරනු ලබන මුදල.
      විශේෂයෙන්ම ඔබ ආයෝජනය කරන මුදලත් සමඟ කොපමණ signals ප්‍රමාණයක් ලබා දෙනවාද හා අදාළ signals සේවයේ මිල ඉතාම සංවේදී ලෙසට බැඳී තිබෙනවා. හොඳ ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් යුතුව Signals ලබා ගැනීමට අදහස් කරනවා නම් අවම වශයෙන් $500 ක ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න.
    7. Signals ලබා දෙන ක්‍රමය
      • සජීවී Trading Room එකක් ඔස්සේ,
        සෑම සතියේ දිනකම තෝරාගත් වේලාවක පැය 2ක්-3ක් පමණ සැපයෙන සජීවී Trading Room එකක සහය ලබා ගෙන Trade කරන්නට සුදානම් ඔබට තමයි මේ ක්‍රමය ගැලපෙන්නේ. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම අනිවාර්ය වෙනවා. දවසේ පැය 24ම trading ගැන අවධානය යෙදීමට අවශ්‍ය නොවීමත්, ඇතැම් signals අතපසු වීමට හෝ මඟ හැරීමට ඇති ඉඩ මෙවන් සේවාවන් නිසා මඟ හැරෙනවා. අනිත් signal providersලා Email හරි SMS මඟින් හරි signal දෙනකොට පොඩි හරි time difference එකක් තියෙනවාමයි. ඒ කියන්නේ යම් signal service එකක ඉන්න analyst කෙනෙක්/ලා  trade entry point එකක් දැකලා ඒක trading signal එකක් විදිහට ඔයාගේ device එකට එවන අතරේ market එක නොවෙනස්ව තියෙන්නේ නැහැනේ. ඒක හින්දා මේ වගේ Live Trading Rooms වල ලොකු වාසියක් තියෙනවා.
      • වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් වෙන්වූ කොටසක් ඔස්සේ,
      • Email හා SMS මාර්ගයෙන්, Email Signal එක සමඟ SMS පණිවිඩයත් ලැබෙන නිසා Signals මඟ හැරීමේ ඉඩ අඩුයි.
      • Email මාර්ගයෙන්,
        නිතරම Email භාවිතා කරන අයට සුදුසුයි. Signals මඟ හැරීමේ ඉඩ වැඩියි.
    8. Signals ලබා දෙන වේලාව
      Signal සේවා සපයන්නා සිටින Time Zone එක මත signals සපයන වේලාවන් වෙනස් වෙනවා. විශේෂයෙන්ම රැකියාවක නියුතු අයෙක් නම් මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරන්න.
    9. ඔබේ පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය
      මෙම කාරණය වඩාත් බලපාන්නේ Live Signal Rooms සඳහායි. එවන් අවස්ථා වලදී හොඳ පරිඝනකයක් හා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා.

    ඔබ Binary Options Trading Signals භාවිතා කළ යුතුද?

    1. ඔබට Binary Options Trading ඉගෙන ගැනීමට වෙලාවක් නොමැති නම්
    2. ඔබ Binary Options Trading ඉගෙන ගන්නා කාලය තුළදීත් Binary Options මඟින් මුදල් සෙවීමට අවශ්‍ය නම් හෝ 
    3. දැනට trade කරන ඔබේ Binary Options Trading Strategy එකේ නිරවද්‍යතාවය 70%ට අඩුයි නම් වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා
    ඔබට Binary Options Trading Signal Service එකක සහය ලබා ගැනීම සුදුසුයි.
    කොහොම වුණත් අන්තිම තීරණය ඔබ සතුයි.
    ආ... තවත් දෙයක්...
    Signal Service එකක් try කරලා බලන මුල දවස් වල MarketsWorld එකෙන් නොමිලේ ලබා දෙන demo trading account එකක් භාවිතා කරන්න.


    හොඳම Binary Options Signal සේවා සසඳන්න


    මම හිතනවා ඔබ දැනටමත් Binary Options Trading Signal සේවයක් තෝරාගන්නේ කොහොමද ලිපිය කියවා ඇතැයි කියලා. තවමත් ඒක කියවලා නැති නම් මේ තොරතුරු වලට යොමු වෙන්න කලින් ඒක කියවලා අවබෝධ කරගන්න එක ගොඩක් හොඳයි.
    Binary Options Trading Signal සේවයක් තෝරාගන්නේ කොහොමද?
    දැනට පවතින හොඳම Binary Options Trading Signal සේවාවන් ගැන වගේම ඔබේ Binary Options Trading Career එකේ සාර්ථකත්වයට ඒවා යොදා ගන්න ආකාරය ගැන තමයි.... මෙතැනින්... 

    Email ඔස්සේ පළපුරුදු Trader කෙනෙක් 10 දක්වා 77% $300 මාසෙකට $97 Quadra Signals
    වෙබ් අඩවිය ඔස්සේ ස්වයංක්‍රීය පද්ධතියක් මඟින් 10-20 දක්වා 72% $300 මාසෙකට $99 John Anthony Signals
    Email සහ SMS ඔස්සේ පළපුරුදු Traders ලා පිරිසක් 1-2 දක්වා 80% $500 මාසෙකට $99 Quantum Binary Signals
    Live Trading Room එකක් ඔස්සේ ස්වයංක්‍රීය පද්ධතියක් + පළපුරුදු Trader කෙනෙක් 5-10 දක්වා 85% $500 සති දෙකකට $97 Binary Options Trading Signals
    night-owl Live Trading Room එකක් ඔස්සේ ස්වයංක්‍රීය පද්ධතියක් + පළපුරුදු Trader කෙනෙක් 2-6 දක්වා 75% $500 සති දෙකකට $87 Night Owl Signals
    Winning Binary Signals Email ඔස්සේ පළපුරුදු Trader කෙනෙක් 5 දක්වා 80% $300 මාසෙකට $97 Winning Binary Signals

    නිර්දේශිත අවම තැන්පතුව*:
    ලංකාවේ අයියලා ගොඩක් දෙනෙක් වැඩිය හොයන්නේ බලන්නේ නැතුව ඊළඟ මාසේ / සති දෙකේ Subscription Fee එක trade කරලම හොයනවා කියලා හිතාගෙන, Signal සේවයට හරියට අනුගත වෙන්නෙවත් නැතිව, අනවශ්‍ය පීඩනයක් ඇති කරගෙන Signal වලටත් පිටින් ගිහින් trade කරන්න හදලා නිරපරාදේ මුදල් නාස්ති කරගන්න ලොකු ඉඩක් තියෙන නිසා (මමත් ඉතින් හදවතින්ම... ශ්‍රී ලාංකිකයෙක් නේ) තමයි මෙහෙම කෑල්ලක් එකතු කළේ.
    යම් Signal සේවයකින් මාසෙකට නිකුත් කරන Signal ගණන, Accuracy එක, Subscription Fee එක (ඔබේ ආයෝජනය) වගේ සාධක කීපයක් සලකා බලලා හිතේ නිදහසින් Trade කරලා ඊළඟ මාසේ Subscription එකත් ගෙවලා තමන්ටත් හොඳ ගානක් අතට ගන්න පුළුවන් වෙන්න නම් ඔබේ Binary Options Trading ගිණුමේ තියෙන්නේ ඕනේ අවම තැන්පතුව තමයි මේ කියලා තියෙන්නේ.
    මම දැනට ලෝකයේ ජනප්‍රියම Binary Options Signal සේවා සපයන්නන් සසඳා බලා, එක් එක් Signal සේවයේ වාසි අවාසි දෙකම සලකා බලා, ඔබේ ප්‍රාග්ධනය, Signal සපයන ආකාරය, නිවරද්‍යතාවය වැනි කාරණා මත ඔබට වඩාත්ම ගැළපෙන ආකාරයට සපයන Signal සේවාව තෝරාගන්න. ඒ සඳහා පහත තොරතුරුත් ආධාර කරගන්නට පුළුවන්.
    Binary Options Signal සේවාව
    කෙටියෙන් කිව්වොත්...

    Quadra Signals
    දිනකට Signals 10ක පමණ ප්‍රමාණයක් Email ඔස්සේ ලබා ගත හැකි මෙම සේවාව තුලින් Binary Options Trading වලින් මුදල් සෙවීමට පමණක් ම නොව විස්තරාත්මක වාර්තා මඟින් නිවැරදිව Binary Options Trading කරන හැටි ඉගෙන ගන්නටත් හැකියාව ලැබෙනවා.
     
    John Anthony Signals
    වෙබ් අඩවියේ ලියාපදිංචි වූ පසු දිනකට Signals 20ක පමණ ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනවා. Signal එකක් පැමිණි විට පොඩි Alarm එකක් වැදුණත් දවස පුරාම signals එන තුරු බලා සිටින්නට සිදු වීම නම් පැහැදිලි අවාසියක්.

    Quantum Binary Signals
    ඉහළ සාර්ථකත්වයක් සහිත නමුත් ලබාදෙන Signal ප්‍රමාණය අඩු නිසා ඔබට තරමක ඉහළ ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. Trading Signal එකත් සමඟම SMS එකත් එන නිසා trades මඟ හැරෙන්නට තියෙන ඉඩ අඩුයි. වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නමුත් Franco Signals වලට කාලය වෙන් කර ගත නොහැකි ඔබට හොඳම විකල්පයක් තමයි Quantum Binary Signals කියන්නේ. ඒ වගේම කිසිම විටෙකදී Quantum Binary වල තියෙන Auto Trading සේවාව සමඟ නම් සම්බන්ධ වෙන්නට එපා.

    Binary Options Trading Signals
    වැඩිම නිරවද්‍යතාවයක් ඇති Signal සේවයයි. කෙටිම කාලයකින් වැඩිම ආදායමක් ලබන්නට කැමති අයට විශේෂයි. තත්. 60 සිට විනාඩි 5 දක්වා Signals තමයි ලබා දෙන්නේ. ලංකාවේ වේලාවෙන් සවස 7.30 සිට රාත්‍රී 10 තෙක් Live Trading Room එක ක්‍රියාත්මක වෙනවා. මේ BinaryOptionsTradingSignals.com එක පිළිබඳව වැඩි විස්තර දැන ගන්නට නම් Francoගේ Binary Options Trading Signal සේවාව සඳහා අත්වැලක්… ලිපිය කියවන්න.
     night-owl
    Night Owl Signals
    ලංකාවේ වේලාවෙන් උදේ 7.00 සිට 8.30 තෙක් ක්‍රියාත්මක වන මෙම සේවයේදී Asian Trading Session එක trade කරනවා. විනාඩි 5 expiry period ඇති Binary Options වැඩි වශයෙන් trade කරනු ලබනවා.
     Winning Binary Signals
    Winning Binary Signals
    80% ක පමණ සාර්ථකත්වයක් ඇතිව දිනකට Signals 5ක් පමණ ලබා දෙන මෙම Binary Options Trading Signals සේවාව මඟින් නොමිලේ ලබා දෙන දින 3ක Trial එක Demo Trading ගිනුමක අත්හදා බලා ඔබට ගැලපේ නම් තෝරා ගත හැකියි. තවද මෙම සේවාව ලබා ගන්නා ඔබට ඔවුන් හරහා Binary Options ගිණුමක් විවෘත කළ හොත් නොමිලේ AutoTrading පහසුකමද ලබා ගත හැකියි.

    මේ අතරින් හොඳම Signal සේවාව මොකද්ද?

    Francoගේ Trading Signals වලට නවක ඔබට අත්වැලක්…
    දැනට ලෝකයේ තියෙන හොඳම Binary Options Trading Signal සේවාව ගැන මීට මාස කීපයකට කලින් මම සිංහලෙන් ලියපු අත්වැල කියවන්න.... මෙතැනින්... 


    Francoගේ Trading Signals වලට නවක ඔබට අත්වැලක්…


    දැනට තියෙන සුපිරිම සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවය වන Franco ගේ BinaryOptionsTradingSignals.com ගැන, Signals ලබා ගන්න ආකාරය, Trading Strategy එක ගැන, Private Trading Room එක පාවිච්චි කරන හැටි, ඔයා trade කරන්න ඕනේ හැටි වගේ දේවල් ගැන කෙරෙන හැඳින්වීමක් තමයි මේ… මුලින්ම Francoගේ system එක පාවිච්චි කරන කෙනෙකුට වගේම Franco ගේ Trading System එකට Subscribe කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වුණත් මේ ලිපිය ලොකු අත්වැලක් වේවි.
    මේ ලිපියේ අන්තර්ගතය….
    • Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…
    • Signals ලබා ගැනීමට පෙර…
      • ඔබේ Binary Options Broker ගිණුම ගැලපෙනවාද?
      • Broker ඔබේ පරිගණකය සුදානම් කිරීම
      • ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය
    • Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
    • Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?
    • Francoගේ ප්‍රධාන Trading System එක භාවිතයට අත්වැලක්…
    • Franco ගේ Trading Rules මොනවාද?
    • FAQs?

    Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…

    මුලින්ම කියන්න ඕනේ, Franco ගේ තියෙන්නේ අනිත් සාමාන්‍ය Automated Signal සේවා සපයන්නන්ගේ වගේ SMS එකකින් හරි Email එකකින් දැන් Buy කරන්න, දැන් Sell කරන්න කියලා පණිවිඩ එවන ක්‍රමයක් නම් නෙවෙයි. සති 2 කට $97ක් ගෙවලා අපි කරන්නේ Franco ගේ Trading Room එක, එහෙමත් නැතිනම් Francoගේ 85% ක සාර්ථකත්වයක් තියෙන Trading System එක භාවිතා කරන්න අවස්ථාව ලබා ගැනීමක්. එතකොට අපිට සතියේ දවස් පහේම රෑ 7.30 ඉඳන් 10.00 වෙනකල් බලාගෙන trade කරන්නට පුළුවන් සුපිරි trading system එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට Franco ගේ Trading Strategy එක follow කරන්නයි තියෙන්නේ. Francoත් සමහර වෙලාවට අපිත් එක්කම Trade කරනවා.

    Francoගේ Trading Room එකේ වාසි

    • අනිත් Trading System වලදී වගේ මුළු දවස පුරාවටම signal එකක් එනකල් බලන් ඕනේ නැති වීම
    • Trading පටන්ගන්නේ රාත්‍රී 7.30 ට නිසා රැකියාවක් කරන කෙනෙකුට වුණත් බොහොම පහසුවෙන් වේලාව වෙන් කරගන්නට හැකි වීම
    • Trading Session එකක් පැය දෙක හමාරකින් ඉවර වීම
      • සාමාන්‍යයෙන් trading කරන බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි දවස පුරාම trade කරන්නට යාම. ඒ නිසාම අවධානය අඩු වෙලා ගිහින් loss කර ගත්ත ය ඕනේ තරම් ඇති. මේ system එකේදී ඉබේම trading hours ගාන පැය 2කට සිමා වෙන නිසා වෙන්න පුළුවන් human error එකත් අඩු වෙනවා.
    • ඉහල නිවරද්‍යතාවයක් තිබීම (85% ක Success Rate එකක් කියන්නේ සාපේක්ෂව ඉතා ඉහල අගයක්)
    • වසර 13ක් වෙළඳපළ අද්දැකීම් ඇති trader කෙනෙක් යටතේ සිටින නිසා ඔබ නොදන්නා බොහෝ දෑ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම

    Francoගේ Trading Signal සේවයට සම්බන්ධ වීමට පෙර…

    මේ System එක සඳහා Franco නිර්දේශ කරන Broker සමාගම්

    24Option

    Trading වලට Franco නිර්දේශ කරන brokers ලා අතරින් ලංකාවේ අපිට ගොඩක්ම ගැලපෙන්නේ 24Options. ඒක තමයි Franco නිර්දේශ කරන brokers ලාගෙන් නියාමනය වෙන (Regulated)  එකම සමාගම. ගොඩක් වෙලාවට ඔයා දැනටමත් 24Options Account එකක් open කරලා ඇති. තවම Open කරලා නැතිනම් මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු Review එක. ඒක කියවලා 24Options Account එකක් open කර ගන්න.
    Francoගේ Trading Room එකේ trade කරන ඔබ 30 Second Trades කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට තියෙන එකම ක්‍රමය තමයි 24Options. මොකද අනිත් Brokers ලා තවම 30 Second Options Trade කරන්නට පහසුකම් සලසන්නේ නැහැ.
    හැබැයි 24Options වල එක Trade එකක් සඳහා අවමය $24ක්. එක Trade එකකට 5% ක උපරිම Risk එකක් අරන් Trade කරන්න නම් ඔයාගේ ප්‍රාග්ධනය $500ක් වත් වෙන්නේ ඕනේ. ඒ නිසා විකල්පයක් විදියට MarketsWorld පාවිච්චි කරන්න පුළුවන්.

    MarketsWorld

    මේ සමාගමේ Trade කරන්න පුළුවන් Currencies සහ Commodities විතරයි. එත් Francoගේ Trading Room එකේ නිතරම Trade කරන්නේ EURUSD, GBPUSD, AUDUSD, USDCAD, USDJPY කියන Currency වර්ග නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
    අවම Trade Size එක $1ක් වගේම අවම තැන්පතු අවශ්‍යතාවය $20ක් නිසා ඔබට නිවැරදිව මුදල් කළමනාකරණය කරමින් trade කරන්නට පුළුවන්. හැබැයි MarketsWorld එකේ Expiry Times පටන් ගන්නේ 2 Minutes වලින්.
    Update: Binary.com, IQOption, EmpireOption වගේ සමාගම් වුනත් කිසිම ගැටලුවක් නැතිව මේ සඳහා පාවිච්චි කරන්නට පුළුවන්.

    වැදගත්:

    • Francoගේ Trading Room එකේ වැඩි වශයෙන් Trade කරන්නේ 60 Second – 5 Minute වැනි ඉතා කෙටි කාලීන Expiry Times තියෙන Options වර්ග නිසා RoboOption, NordFX, OptionTrade වැනි SpotOption Trading Platform එක භාවිතා වෙන Broker සමාගම් භාවිතා නොකරන තරමට හොඳයි.  නැතිනම් ඔබට Francoගේ Trading Room එකෙන් නියම ප්‍රයෝජන ගැනීමට නොහැකි වේවි.
    • මම Franco ගේ Trading Room එක සඳහා ඉහතින් සඳහන් කළ සමාගම් 3 තොරතුරු සංක්ෂිප්ත කළොත්…
    Broker 24Option Optiontrade MarketsWorld
    Regulated ද?
    අවම තැන්පතු අවශ්‍යතාවය 250 USD 250 USD 20 USD
    අවම Trade Size එක 24 USD 5 USD 1 USD
    එක Trade එකකට උපරිම වශයෙන් 5% අවදානමක් දැරීමට නම් ඔබට තිබිය යුතු අවම ප්‍රාග්ධනය 500 USD 100 USD 20 USD
    30 Second Options
    60 Second Options
    2 Minute Options
    5 Minute Options
    • 24Options වල නිවැරදිව අවදානම කළමනාකරණය කරමින් Trade කිරමට අවශ්‍ය අවම ප්‍රාග්ධනය වන $500 එක්වරම යෙදිය නොහැකි ඔබට ගත හැකි හොඳම විකල්පය වන්නේ දැනට ඔබ සතු මුදලින් MarketsWorld වලින් අරඹා ඔබේ ප්‍රාග්ධනය වැඩි කරගත් පසු 24Options වෙතට යාමයි.

    ඔබේ පරිගණකය සූදානම් කිරීම

    1.  ඔබේ පරිගණකයේ වෙලාව අන්තර්ජාල වෙලාවට හරවා ගැනීම
      • ඔබේ පරිගණකයේ Task Bar එක right-click කර Adjust Date/Time යන්න.
      • Internet Time Tab එක click කරන්න.
      • Change Settings Click කරන්න.
      • Server කියන තැනට pool.ntp.org දෙන්න.
      • Update කර Ok කරන්න.
    2.  Windows Gadget Clock එක Download කරගන්න. ඒක Franco ගේ clock එකත් එක්ක සමපාත කර ගන්න.
    3.  අළුත් Adobe Flash Update එකක් අවොත් අනිවා ඒක Install කරන්න.
    4.  CCleaner වගේ tool එකක් භාචිතයෙන් අනවශ්‍ය සහ භාවිතා නොකරන Files ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.
    5.  Trading Room එකේ ඉන්නකොට ඔබේ internet connectivity එකේ performance අඩු කරන කිසිම program එකක් run කරන්න එපා.
    6.  Live Trading Sessions වලට සම්බන්ධ වීමේදී FireFox හෝ Internet Explorer භාවිතා කරන්න. Google Chrome භාවිතා කරන්න එපා කියලයි Franco කියන්නේ.

    ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය

    • Franco ගේ Live Screen එක share වෙන නිසා ඔබට තරමක් වැඩි Speed එකක් සහිත Data Connection එකක් අවශ්‍ය වෙනවා. නැතිනම් Trading Session එක අතරතුරදී වරින් වර Disconnect වනු ඇත.
    • www.pingtest.net භාවිතයෙන් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය B Grade එකට වඩා ඉහළ දැයි පරික්ෂා කර බලන්න.
    • මෙහිදී වේගයට වඩා ඒකාකාර අන්තර්ජාල සම්බන්ධතාවයක අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ.

    Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

    1. BinaryOptionsTradingSignals.com වෙත යන්න.
    2. Subscribe කරන්න.
    3. ඔබ භාවිතා කරන්නට අදහස් කරන User Name එක සහ Email Address එක ලබා දෙන්න.
    4. Clickbank හරහා Credit / Debit Card හෝ Paypal භාවිතයෙන් මුදල් ගෙවන්න.
    5. Payment එක සම්පුර්ණ කළ වහාම ඔබ ලබාදුන් Email ලිපිනයට අදාළ personal login එක සහ password එක ලැබෙනු ඇත.
    6. ඔබ Paypal හරහා මුදල් ගෙවීම සිදුකළේ නම් මේ ආකාරයේ Email එකක්ද ලැබෙනු ඇත.franco-signals
    7. එම login තොරතුරු භාවිතයෙන් System එකට Enter වූ පසු….


    සාමාජිකයන් ට පමණක් වෙන් වූ ප්‍රදේශය…

    Trading Room එකට Log වෙන්නේ කොහොමද?

    දවස ගානේ trading room එකේ password එක වෙනස් වෙනවා.

    මගේ උපදේශය:

    ගොඩක් දෙනෙක් සල්ලි ගෙවලා Signals ගන්න වැඩේ පටන් ගත්ත ගමන් ඉක්මනින් සල්ලි හොයන්න තමයි හදන්නේ. පලවෙනි දවසෙම Kick එකට Trade කරන්න යන්න එපා. සති 2කට $97ක් කියන එක දැනට ඔයාට ටිකක් සැර මුදලක් වුණාට හරියට වැඩේ අල්ලගත්තට පස්සේ දවසෙන් ඊට වඩා හොයන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඉන්න.
    මුලින්ම Franco ගේ Trading System එක ගැන හොඳ අවබෝධයක් අරගන්න.
    Trading Room එක පාවිච්චි කරන හැටි, එකේදී use කරන වචන ගැන ඉගෙන ගෙන ඉන්න.

    Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?

    1. ඉවසීම තමයි ලොකුම දේ…

    පළවෙනි දවසේදී Franco නිර්දේශ කරන්නේ මොකුත්ම නොකර බලන් ඉන්න කියලයි. එක පාරම පාට පාට ඊතල, trend lines, moving averages ගොඩක් තියෙන Charts ගොඩක් ඔයාගේ screen එකේ පේන්න පටන් ගත්තම පොඩ්ඩක් විතර අවුල් නේ. ඊටත් වඩා අවුල් අපි කට අරගෙන බලන් ඉන්න අතරේ දැනටමත් trade කරන අය 10-0, 12-0 වගේ ඒ අයගේ trading results වම් පැත්තේ chat  box එකේ දානකොට.
    franco-system
    ඉතින් මේ සටහන ඉහළ සිට පහළට කීප වරක් කියවලා. හොඳින් තේරුම් අරන් ඉන්න.
    පළවෙනි දවස් 3නේදී Trading Room එකේ කටයුතු සිදුවෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා සටහන් කර ගන්න. ඔයා Francoගේ Signals වලට Join වෙලා 4 වෙනි දවසේදී ඒ ප්‍රශ්න Francoගෙන්ම අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට Franco පෞද්ගලිකවම උත්තර දෙනවා.
    දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති. මම සෑහෙන ගාණක් වියදම් කළේ “ඉවසන්න ඉගෙන ගන්නද?” කියලා. නැහැ. මේ තමයි ඔයාගේ අළුත් රැකියාවට අවශ්‍ය කරන හැකියාවන්. ඉතින් පොඩ්ඩක් ඉවසලා පුළුවන් තරම් ඉක්මනට වැඩේ අල්ලගන්න අධිෂ්ඨාන කර ගන්න. ඔයාට පුළුවන්.

    2. Chat Room එකේ නීති

    • අනවශ්‍ය කතා, අසැබි වචන පාවිච්චි කරන්න බැහැ.
    • ඔයාලගේ links, emails, contact info share කරන්න බැහැ.
    • අනිත් සාමාජිකයන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න බැහැ.
    • Advertisements බෑ
    • ඔයාලගේ trade ideas දාන්න බැහැ,
    • හැම වෙලාවෙම English use කරන්න. නැත්තන් අනිත් එවුන්ට තේරෙන්නේ නෑ නේ

    3. Trading නොකරන වේලාවන් වලදී

    පුළුවන් තරම් ඉගෙන ගන්න. ඕක Franco නෙවෙයි, මමත් අවධාරණය කරන දෙයක්.
    ඉගෙන ගන්න ඕනේ මොනවාද කියලා මම මගේ Binary Options Cheat Sheet එකේ කිව්වනේ. 😉

    4. අළුත් වචන 🙂

    Trading Room එකේ assets ගැන කතා කරන්නේ Tradersලාටම ආවේනික සුවිශේෂී වචන වලින්. Franco කතා කරනකොටත් පාවිච්චි කරන්නේ මේ වචනම තමයි. ඒ නිසා ඒ ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්.
    PAIRS:
    • Euro or EU = EUR/USD
    • Pound or GU = GBP/USD
    • Aussie or AU = AUD/USD
    • CAD = USD/CAD
    • YEN or UJ=USD/JPY
      • EUR/JPY or Euro/Yen = EJ
      • GBP/JPY: Pound/Yen : GJ
    • NQ = Nasdaq
    • YM = Dow
    • GC = Gold (vs. USD)
    • CL = Oil (vs. USD)
    • AAPL = = Apple
     මේ තියෙන Indices Trade නොකළාට market එකේ Strength එක හෝ Weakness එක මනින්නට යොදා ගන්නවා.
    • DX = US Dollar Index.
    • 6J = Japanese Yen Index
    • 6E = Euro Index
    • 6B = Pound Index

    5.  Add Franco on Skype

    Member කෙනෙක් වුණාට පස්සේ Franco ව Skype හරහා add කරගන්න පුළුවන්.
    හැබැයි Trade නොකරන වෙලාවල් වලදී විතරයි Skype හරහා කතා කරන්න, ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නේ. Trade කරන වෙලාවල් වලදී chat box එක පාවිචිචි කරන්න පුළුවන්.

    6. Motivation

    Trading Session එක ලංකාවේ වේලාවෙන් රෑ 8ට පටන් ගත්තට ඔයා 7.30ට විතර log වෙන්න ඕනේ. 7.30 ඉඳන් 8 වෙනකල් ගොඩක් දුරට Trading Psychology ගැන තමයි කතා කරන්නේ.
    Time Zones නිවැරදිව හඳුනාගන්නට මම පාවිච්චි කරන්නේ : WorldTimeBuddy
    ගොඩක් ප්‍රයෝජනවත් tool එකක්.

    Francoගේ Trading Strategy එක හඳුනාගැනීම…

    මේ තියෙන්නේ Francoගේ Trading System එකේ Screen shot එකක්.
    franco-system-sarusara
    Charts ගොඩක් තිබුණා කියල කලබල වෙන්න එපා. දවස් 2-3ක් යනකොට ඔයා මේ system එක පාවිච්චි කරන්නට හැඩ ගැහුනට පස්සේ කිසිම අවුලක් නැතුව Trade කරන්නට පුළුවන්. ඇත්තටම මේකේ මහා ලොකු දෙයක් නැහැ.
    මුලින්ම අපි මේ Screen එක හඳුනාගනිමු.
    • මැද කළු පාට පසුබිම තියෙන්නේ මේ Trade කරන Currency Pairs වලට අදාළ 5 Min Charts
    • අයින් වල නිල් පාට පසුබිම තියෙන්නේ 1 Minute Charts.
    මුලින්ම මේ වීඩියෝ එක කීපවරක් නරඹලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ මම ඒ ගැන පහතින් ලියා ඇති සටහන කියවන්න.
    #Tip :
    Video එක Play කරලා, Full Screen දාලා පහළ දකුණු පසින් ඇති Settings වලින් මේ වීඩියෝ එකේ  Quality එක 480p ට වැඩි අගයකට සකසා ගන්න.

    Franco’s Trend Trading Strategy

    මේ ක්‍රමය හරිම සරලයි. හොඳ trending market එකකදී සුපිරි ප්‍රතිලාහ ගන්න පුළුවන් ක්‍රමයක්.

    Market Direction එක තීරණය කරන්නේ කොහොමද?

    ඔයාගේ Screen එකේ මැද 5 Minute Chart එකේ තියෙන ලා  නිල් පාට Moving Average එක අනුව තමයි මේ වෙලාවේ Trend එක තියෙන්නේ මොන දිශාවටද කියන එක  තීරණය කරන්නේ.
    5 Minute Chart එකේ Market Prices තියෙන්නේ,
    • ලා නිල් පාට ඉරට උඩින් නම්, Market Direction එක Up : එතකොට ඉහළට ඇති වෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්නට ඕනේ.
    • ලා නිල් පාට ඉරට යටින් නම්, Market Direction එක Down : එතකොට පහළට ඇති වෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්නට ඕනේ.

    මොන වෙලාවටද Trade එකකට Enter වෙන්නේ?

    • 5 Minute Chart එකේ රෝස පාට ඊතලයක් හැදුන ගමන්ම… 1 Minute Chart එකට අවධානය යොදන්න.
    • 5 Minute Chart එකේ හැදුන රෝස පාට ඊතලයේ දිශාවටම 1 Minute Chart එකේ හැදෙන පළවෙනි කොළ, රෝස හෝ සුදු ඊතලය තමයි Entry Trigger එක වෙන්නේ. එහෙම ඊතලයක් හැදුන ගමන්ම Trade එකට enter වෙන්න.

    Franco ගේ Trading Strategy එක භාවිතයෙන් 30 Seconds සහ 60 Seconds Trades යොදන අයුරු.

    මේ වීඩියෝ එකේ තියෙන්නේ Francoගේ Trading System එක භාවිතයෙන් ප්‍රයෝගිකව 30 Second – 60 Second Trades කරන ආකාරය ගැනයි.

    ඒ කියන්නේ…
    • 30 – 60 Second Option එකකට enter වෙන්න නම් අළුත් candle එකක පළමු තත්පර 15-25 අතර කාලයේදී Market Trend එකේ දිශාවටම 1 Minute Chart එකේ කොළ, රෝස හෝ සුදු ඊතලයක් ඇති විය යුතුයි.
    • 30 Second Options Trade කරන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද 30 Sec. Options වල Payout එක 65%-67% වෙනවා. එතකොට loss එකක් වුණොත් ඒක cover කරගන්න තව trades 2ක්ම හරියන්න ඕනේ නේ.

    Franco ගේ Trading Room එකේ භාවිතා වෙන අනෙකුත් Trading Strategies

    ඒ ගැන හැමදෙයක්ම මේ සබැඳියෙන් දැන ගන්නට පුලුවන්.
    http://www.binaryoptions-signals.com/strategy/

    Franco ගේ Trading Rules

    1. හැකි සෑම විටම sideways tightenings වල trade කිරීමෙන් වළකින්න. ඒවා හඳුනා ගන්නේ කොහොමද?
    • Trading Ranges අතරේ දුර, (Francoගේ Trading System එකේ රතු හා කහ ඉරි 2 අතරේ දුර) ගොඩක් අඩු වේලාවන් වලදී
    • Candles වල උස ප්‍රමාණය ගොඩාක් අඩු වේලාවන් වලදී
    • එක පෙළට පොඩි candles ගොඩක් ඇති නමුත් price වෙනස් වීම ගොඩක් අඩු වේලාවන් වලදී
    2. High Impact New Release වලට විනාඩි 5 කට පෙර හා පසු trade කිරීමෙන් වළකින්න.
    • මේ news ForexFactory එකේ රතු පාටින් දක්වලා තියෙනවා.
    3. Over Trade කරන්න එපා
    • එක දිගට දිනුම් 3-5 කට පස්සේ පොඩ්ඩක් නැගිටලා එලියට ගිහින් රවුමක් දාලා එන්න.
    4. එකදිගට trades 3-4ක් loss වුණොත්
    • Trading නවත්තන්න. Room එකෙන් එලියට යන්න. නැතිනම් ඔයා තව loss කර ගන්නවා. හැඟීම් වලට වහල් වෙලා අනවශ්‍ය තිරණ ගන්න ගිහින්.
    5. DX එක Momentum Bars 8-9ක් hit කලොත් විනාඩි 5ක break  එකක් ගන්න.
    • Franco ගේ charts වල පහළ දකුණේ මේ index windows නිතරම open වෙලයි තියෙන්නේ. ඒ index windows අතරින් DX විදියට දක්වලා තියෙන්නේ DJ30 එකයි. මේ DX window එකේ තියෙන Momentum Bar එකේ කොටු කීයක් පිරෙනවද කියලා බලන ඉන්න. 8-9 ට වැඩි නම් විනාඩි 5 විතර විවේකයක් ගන්න එක ඔයාගේ trading account එකේ ආරක්ෂාවට හොඳයි.
    6. එක දිගට News Alerts ගොඩක් තියෙනවා නම් ඒ වෙලාවට trade කරන්න එපා.
    7. Trading Session එක පටන් ගත්තට පස්සේ තව එක එක දේවල් (Facebook, Email භාවිතයෙන් වළකින්න…) කරන්න යන්න එපා. Trading වලට අවධානය දෙන්න.

    Franco ගේ Live Trading Session එකක සැකැස්ම

    (මේ සියළු වේලාවන් දක්වා ඇත්තේ ලංකාවේ වේලාවෙනි.)
    ප.ව. 7.30 – 8.00 : Live Trading Room එක Trading සඳහා විවෘත වීම. අපිට system එක භාවිතයෙන් Trading පටන් ගන්නට පුළුවන්.
    ප.ව. 8.00 – 8.30 : Franco පැමිණීම සහ Trading ඇරඹීම.
    ප.ව. 8.30 – 9.30 : Power Hour : මේ කාලය තුලදී Chat Room එක භාවිතා නොකෙරේ. Trading සඳහා පමණක් අවධානය යොමු කරයි.
    ප.ව. 9.30 – 10.00 : නවක ඔබගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොදන කාලය. Trading Room එක භාවිතා කිරීම අරඹා 4 වෙනි දිනයේ පටන් මේ කාලය තුලදී ඇති තරම් ප්‍රශ්න ඇසිය හැක.

    FAQs?

    Trade කරන Asset එකේ Expiry Time එක මොකද්ද?

    සාමාන්‍යයෙන් Franco trade කරන්නේ 60 second options. Market එකේ ඒ වෙලාවේ තියෙන momentum එකේ හැටියට තමයි ඔයා ගන්න asset එකේ expiry time එක තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් fast moving market එකකදී නම් 30-60 Sec. Options ත් slow moving market එකකදී නම් 5 min Options ත් තෝරාගන්නට ඕනේ.

    Martingale Strategy එක යොදාගන්නවාද?

    Franco Martingale Money Management Strategies පාවිච්චි කරන්නට අනුබල දෙනවා. මම නම් ඒ වැඩේට එච්චර කැමති නැහැ. අනවශ්‍ය ලෙස ලොකු risk එකක් ගැනීමක් තමයි වෙන්නේ. මම මේ ගැන හොඳ ලිපියක් ඉදිරියේදී ලියන්න තමයි ඉන්නේ. ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස්… හරහා නුදුරු දිනයකදී එම ලිපිය කියවිය හැකියි.
    එහෙනම් ඔබට BinaryOptionsTradingSignals.com එකේ Francoගේ අනුගාමිකයෙක් විදිහට සාර්ථක Binary Options Trading Career එකක් ලඟා කරගන්නට සුබ පතනවා.