දැනට තියෙන සුපිරිම සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවය වන Franco ගේ BinaryOptionsTradingSignals.com ගැන,
Signals ලබා ගන්න ආකාරය, Trading Strategy එක ගැන, Private Trading Room
එක පාවිච්චි කරන හැටි, ඔයා trade කරන්න ඕනේ හැටි වගේ දේවල් ගැන කෙරෙන
හැඳින්වීමක් තමයි මේ… මුලින්ම Francoගේ system එක පාවිච්චි කරන කෙනෙකුට
වගේම Franco ගේ Trading System එකට Subscribe කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න
කෙනෙකුට වුණත් මේ ලිපිය ලොකු අත්වැලක් වේවි.
මේ ලිපියේ අන්තර්ගතය….
- Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…
- Signals ලබා ගැනීමට පෙර…
- ඔබේ Binary Options Broker ගිණුම ගැලපෙනවාද?
- Broker ඔබේ පරිගණකය සුදානම් කිරීම
- ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය
- Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
- Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?
- Francoගේ ප්‍රධාන Trading System එක භාවිතයට අත්වැලක්…
- Franco ගේ Trading Rules මොනවාද?
- FAQs?
Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…
මුලින්ම කියන්න ඕනේ, Franco ගේ තියෙන්නේ අනිත් සාමාන්‍ය Automated
Signal සේවා සපයන්නන්ගේ වගේ SMS එකකින් හරි Email එකකින් දැන් Buy කරන්න,
දැන් Sell කරන්න කියලා පණිවිඩ එවන ක්‍රමයක් නම් නෙවෙයි. සති 2 කට $97ක්
ගෙවලා අපි කරන්නේ Franco ගේ Trading Room එක, එහෙමත් නැතිනම් Francoගේ 85% ක
සාර්ථකත්වයක් තියෙන Trading System එක භාවිතා කරන්න අවස්ථාව ලබා ගැනීමක්.
එතකොට අපිට සතියේ දවස් පහේම රෑ 7.30 ඉඳන් 10.00 වෙනකල් බලාගෙන trade කරන්නට
පුළුවන් සුපිරි trading system එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට Franco ගේ
Trading Strategy එක follow කරන්නයි තියෙන්නේ. Francoත් සමහර වෙලාවට අපිත්
එක්කම Trade කරනවා.
Francoගේ Trading Room එකේ වාසි
- අනිත් Trading System වලදී වගේ මුළු දවස පුරාවටම signal එකක් එනකල් බලන් ඕනේ නැති වීම
- Trading පටන්ගන්නේ රාත්‍රී 7.30 ට නිසා රැකියාවක් කරන කෙනෙකුට වුණත් බොහොම පහසුවෙන් වේලාව වෙන් කරගන්නට හැකි වීම
- Trading Session එකක් පැය දෙක හමාරකින් ඉවර වීම
- සාමාන්‍යයෙන් trading කරන බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි දවස පුරාම
trade කරන්නට යාම. ඒ නිසාම අවධානය අඩු වෙලා ගිහින් loss කර ගත්ත ය ඕනේ තරම්
ඇති. මේ system එකේදී ඉබේම trading hours ගාන පැය 2කට සිමා වෙන නිසා වෙන්න
පුළුවන් human error එකත් අඩු වෙනවා.
- ඉහල නිවරද්‍යතාවයක් තිබීම (85% ක Success Rate එකක් කියන්නේ සාපේක්ෂව ඉතා ඉහල අගයක්)
- වසර 13ක් වෙළඳපළ අද්දැකීම් ඇති trader කෙනෙක් යටතේ සිටින නිසා ඔබ නොදන්නා බොහෝ දෑ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම
Francoගේ Trading Signal සේවයට සම්බන්ධ වීමට පෙර…
මේ System එක සඳහා Franco නිර්දේශ කරන Broker සමාගම්
24Option
Trading වලට Franco නිර්දේශ කරන brokers ලා අතරින් ලංකාවේ අපිට ගොඩක්ම ගැලපෙන්නේ 24Options. ඒක තමයි Franco නිර්දේශ කරන brokers ලාගෙන් නියාමනය වෙන (Regulated) එකම සමාගම. ගොඩක් වෙලාවට ඔයා දැනටමත් 24Options Account එකක් open කරලා ඇති. තවම Open කරලා නැතිනම් මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු Review එක. ඒක කියවලා 24Options Account එකක් open කර ගන්න.
Francoගේ Trading Room එකේ trade කරන ඔබ 30 Second Trades කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට තියෙන එකම ක්‍රමය තමයි 24Options. මොකද අනිත් Brokers ලා තවම 30 Second Options Trade කරන්නට පහසුකම් සලසන්නේ නැහැ.
හැබැයි 24Options වල
එක Trade එකක් සඳහා අවමය $24ක්. එක Trade එකකට 5% ක උපරිම Risk එකක් අරන්
Trade කරන්න නම් ඔයාගේ ප්‍රාග්ධනය $500ක් වත් වෙන්නේ ඕනේ. ඒ නිසා විකල්පයක්
විදියට MarketsWorld පාවිච්චි කරන්න පුළුවන්.
MarketsWorld
මේ සමාගමේ Trade කරන්න පුළුවන් Currencies
සහ Commodities විතරයි. එත් Francoගේ Trading Room එකේ නිතරම Trade කරන්නේ
EURUSD, GBPUSD, AUDUSD, USDCAD, USDJPY කියන Currency වර්ග නිසා ඒක
ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
අවම Trade Size එක $1ක් වගේම අවම තැන්පතු අවශ්‍යතාවය $20ක් නිසා ඔබට නිවැරදිව මුදල් කළමනාකරණය කරමින් trade කරන්නට පුළුවන්. හැබැයි MarketsWorld එකේ Expiry Times පටන් ගන්නේ 2 Minutes වලින්.
Update: Binary.com, IQOption, EmpireOption වගේ සමාගම් වුනත් කිසිම ගැටලුවක් නැතිව මේ සඳහා පාවිච්චි කරන්නට පුළුවන්.
වැදගත්:
- Francoගේ Trading Room එකේ වැඩි වශයෙන් Trade කරන්නේ 60 Second – 5
Minute වැනි ඉතා කෙටි කාලීන Expiry Times තියෙන Options වර්ග නිසා RoboOption, NordFX, OptionTrade
වැනි SpotOption Trading Platform එක භාවිතා වෙන Broker සමාගම් භාවිතා
නොකරන තරමට හොඳයි. නැතිනම් ඔබට Francoගේ Trading Room එකෙන් නියම ප්‍රයෝජන
ගැනීමට නොහැකි වේවි.
- මම Franco ගේ Trading Room එක සඳහා ඉහතින් සඳහන් කළ සමාගම් 3 තොරතුරු සංක්ෂිප්ත කළොත්…
| Broker |
24Option |
Optiontrade |
MarketsWorld |
| Regulated ද? |
 |
 |
 |
| අවම තැන්පතු අවශ්‍යතාවය |
250 USD |
250 USD |
20 USD |
| අවම Trade Size එක |
24 USD |
5 USD |
1 USD |
| එක Trade එකකට උපරිම වශයෙන් 5% අවදානමක් දැරීමට නම් ඔබට තිබිය යුතු අවම ප්‍රාග්ධනය |
500 USD |
100 USD |
20 USD |
| 30 Second Options |
 |
 |
 |
| 60 Second Options |
 |
 |
 |
| 2 Minute Options |
 |
 |
 |
| 5 Minute Options |
 |
 |
 |
- 24Options වල
නිවැරදිව අවදානම කළමනාකරණය කරමින් Trade කිරමට අවශ්‍ය අවම ප්‍රාග්ධනය වන
$500 එක්වරම යෙදිය නොහැකි ඔබට ගත හැකි හොඳම විකල්පය වන්නේ දැනට ඔබ සතු
මුදලින් MarketsWorld වලින් අරඹා ඔබේ ප්‍රාග්ධනය වැඩි කරගත් පසු 24Options වෙතට යාමයි.
ඔබේ පරිගණකය සූදානම් කිරීම
- ඔබේ පරිගණකයේ වෙලාව අන්තර්ජාල වෙලාවට හරවා ගැනීම
- ඔබේ පරිගණකයේ Task Bar එක right-click කර Adjust Date/Time යන්න.
- Internet Time Tab එක click කරන්න.
- Change Settings Click කරන්න.
- Server කියන තැනට pool.ntp.org දෙන්න.
- Update කර Ok කරන්න.
- Windows Gadget Clock එක Download කරගන්න. ඒක Franco ගේ clock එකත් එක්ක සමපාත කර ගන්න.
- අළුත් Adobe Flash Update එකක් අවොත් අනිවා ඒක Install කරන්න.
- CCleaner වගේ tool එකක් භාචිතයෙන් අනවශ්‍ය සහ භාවිතා නොකරන Files ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.
- Trading Room එකේ ඉන්නකොට ඔබේ internet connectivity එකේ performance අඩු කරන කිසිම program එකක් run කරන්න එපා.
- Live Trading Sessions වලට සම්බන්ධ වීමේදී FireFox හෝ Internet
Explorer භාවිතා කරන්න. Google Chrome භාවිතා කරන්න එපා කියලයි Franco
කියන්නේ.
ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය
- Franco ගේ Live Screen එක share වෙන නිසා ඔබට තරමක් වැඩි Speed එකක්
සහිත Data Connection එකක් අවශ්‍ය වෙනවා. නැතිනම් Trading Session එක
අතරතුරදී වරින් වර Disconnect වනු ඇත.
- www.pingtest.net භාවිතයෙන් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය B Grade එකට වඩා ඉහළ දැයි පරික්ෂා කර බලන්න.
- මෙහිදී වේගයට වඩා ඒකාකාර අන්තර්ජාල සම්බන්ධතාවයක අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ.
Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
- BinaryOptionsTradingSignals.com වෙත යන්න.
- Subscribe කරන්න.
- ඔබ භාවිතා කරන්නට අදහස් කරන User Name එක සහ Email Address එක ලබා දෙන්න.
- Clickbank හරහා Credit / Debit Card හෝ Paypal භාවිතයෙන් මුදල් ගෙවන්න.
- Payment එක සම්පුර්ණ කළ වහාම ඔබ ලබාදුන් Email ලිපිනයට අදාළ personal login එක සහ password එක ලැබෙනු ඇත.
- ඔබ Paypal හරහා මුදල් ගෙවීම සිදුකළේ නම් මේ ආකාරයේ Email එකක්ද ලැබෙනු ඇත.

- එම login තොරතුරු භාවිතයෙන් System එකට Enter වූ පසු….
සාමාජිකයන් ට පමණක් වෙන් වූ ප්‍රදේශය…
Trading Room එකට Log වෙන්නේ කොහොමද?
දවස ගානේ trading room එකේ password එක වෙනස් වෙනවා.
මගේ උපදේශය:
ගොඩක් දෙනෙක් සල්ලි ගෙවලා Signals ගන්න වැඩේ පටන් ගත්ත ගමන් ඉක්මනින්
සල්ලි හොයන්න තමයි හදන්නේ. පලවෙනි දවසෙම Kick එකට Trade කරන්න යන්න එපා.
සති 2කට $97ක් කියන එක දැනට ඔයාට ටිකක් සැර මුදලක් වුණාට හරියට වැඩේ
අල්ලගත්තට පස්සේ දවසෙන් ඊට වඩා හොයන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඉන්න.
මුලින්ම Franco ගේ Trading System එක ගැන හොඳ අවබෝධයක් අරගන්න.
Trading Room එක පාවිච්චි කරන හැටි, එකේදී use කරන වචන ගැන ඉගෙන ගෙන ඉන්න.
Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?
1. ඉවසීම තමයි ලොකුම දේ…
පළවෙනි දවසේදී Franco නිර්දේශ කරන්නේ මොකුත්ම නොකර බලන් ඉන්න කියලයි. එක
පාරම පාට පාට ඊතල, trend lines, moving averages ගොඩක් තියෙන Charts ගොඩක්
ඔයාගේ screen එකේ පේන්න පටන් ගත්තම පොඩ්ඩක් විතර අවුල් නේ. ඊටත් වඩා අවුල්
අපි කට අරගෙන බලන් ඉන්න අතරේ දැනටමත් trade කරන අය 10-0, 12-0 වගේ ඒ අයගේ
trading results වම් පැත්තේ chat box එකේ දානකොට.

ඉතින් මේ සටහන ඉහළ සිට පහළට කීප වරක් කියවලා. හොඳින් තේරුම් අරන් ඉන්න.
පළවෙනි දවස් 3නේදී Trading Room එකේ කටයුතු සිදුවෙන ආකාරය හොඳින්
නිරීක්ෂණය කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා සටහන් කර ගන්න. ඔයා
Francoගේ Signals වලට Join වෙලා 4 වෙනි දවසේදී ඒ ප්‍රශ්න Francoගෙන්ම අහන්න
පුළුවන්. ඒ ප්‍රශ්න වලට Franco පෞද්ගලිකවම උත්තර දෙනවා.
දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති. මම සෑහෙන ගාණක් වියදම් කළේ “ඉවසන්න ඉගෙන
ගන්නද?” කියලා. නැහැ. මේ තමයි ඔයාගේ අළුත් රැකියාවට අවශ්‍ය කරන හැකියාවන්.
ඉතින් පොඩ්ඩක් ඉවසලා පුළුවන් තරම් ඉක්මනට වැඩේ අල්ලගන්න අධිෂ්ඨාන කර ගන්න.
ඔයාට පුළුවන්.
2. Chat Room එකේ නීති
- අනවශ්‍ය කතා, අසැබි වචන පාවිච්චි කරන්න බැහැ.
- ඔයාලගේ links, emails, contact info share කරන්න බැහැ.
- අනිත් සාමාජිකයන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න බැහැ.
- Advertisements බෑ
- ඔයාලගේ trade ideas දාන්න බැහැ,
- හැම වෙලාවෙම English use කරන්න. නැත්තන් අනිත් එවුන්ට තේරෙන්නේ නෑ නේ
3. Trading නොකරන වේලාවන් වලදී
පුළුවන් තරම් ඉගෙන ගන්න. ඕක Franco නෙවෙයි, මමත් අවධාරණය කරන දෙයක්.
ඉගෙන ගන්න ඕනේ මොනවාද කියලා මම මගේ Binary Options Cheat Sheet එකේ කිව්වනේ.
4. අළුත් වචන 
Trading Room එකේ assets ගැන කතා කරන්නේ Tradersලාටම ආවේනික සුවිශේෂී
වචන වලින්. Franco කතා කරනකොටත් පාවිච්චි කරන්නේ මේ වචනම තමයි. ඒ නිසා ඒ
ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්.
PAIRS:
- Euro or EU = EUR/USD
- Pound or GU = GBP/USD
- Aussie or AU = AUD/USD
- CAD = USD/CAD
- YEN or UJ=USD/JPY
- EUR/JPY or Euro/Yen = EJ
- GBP/JPY: Pound/Yen : GJ
- GC = Gold (vs. USD)
- CL = Oil (vs. USD)
- AAPL = = Apple
මේ තියෙන Indices Trade නොකළාට market එකේ Strength එක හෝ Weakness එක මනින්නට යොදා ගන්නවා.
- DX = US Dollar Index.
- 6J = Japanese Yen Index
- 6E = Euro Index
- 6B = Pound Index
5. Add Franco on Skype
Member කෙනෙක් වුණාට පස්සේ Franco ව Skype හරහා add කරගන්න පුළුවන්.
හැබැයි Trade නොකරන වෙලාවල් වලදී විතරයි Skype හරහා කතා කරන්න, ප්‍රශ්න
අහන්න පුළුවන් වෙන්නේ. Trade කරන වෙලාවල් වලදී chat box එක පාවිචිචි කරන්න
පුළුවන්.
6. Motivation
Trading Session එක ලංකාවේ වේලාවෙන් රෑ 8ට පටන් ගත්තට ඔයා 7.30ට විතර
log වෙන්න ඕනේ. 7.30 ඉඳන් 8 වෙනකල් ගොඩක් දුරට Trading Psychology ගැන තමයි
කතා කරන්නේ.
Time Zones නිවැරදිව හඳුනාගන්නට මම පාවිච්චි කරන්නේ : WorldTimeBuddy
ගොඩක් ප්‍රයෝජනවත් tool එකක්.
Francoගේ Trading Strategy එක හඳුනාගැනීම…
මේ තියෙන්නේ Francoගේ Trading System එකේ Screen shot එකක්.

Charts ගොඩක් තිබුණා කියල කලබල වෙන්න එපා. දවස් 2-3ක් යනකොට ඔයා මේ
system එක පාවිච්චි කරන්නට හැඩ ගැහුනට පස්සේ කිසිම අවුලක් නැතුව Trade
කරන්නට පුළුවන්. ඇත්තටම මේකේ මහා ලොකු දෙයක් නැහැ.
මුලින්ම අපි මේ Screen එක හඳුනාගනිමු.
- මැද කළු පාට පසුබිම තියෙන්නේ මේ Trade කරන Currency Pairs වලට අදාළ 5 Min Charts
- අයින් වල නිල් පාට පසුබිම තියෙන්නේ 1 Minute Charts.
මුලින්ම මේ වීඩියෝ එක කීපවරක් නරඹලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ මම ඒ ගැන පහතින් ලියා ඇති සටහන කියවන්න.
#Tip :
Video එක Play කරලා, Full Screen දාලා පහළ දකුණු පසින් ඇති Settings වලින් මේ වීඩියෝ එකේ Quality එක 480p ට වැඩි අගයකට සකසා ගන්න.
Franco’s Trend Trading Strategy
මේ ක්‍රමය හරිම සරලයි. හොඳ trending market එකකදී සුපිරි ප්‍රතිලාහ ගන්න පුළුවන් ක්‍රමයක්.
Market Direction එක තීරණය කරන්නේ කොහොමද?
ඔයාගේ Screen එකේ මැද 5 Minute Chart එකේ තියෙන ලා නිල් පාට Moving
Average එක අනුව තමයි මේ වෙලාවේ Trend එක තියෙන්නේ මොන දිශාවටද කියන එක
තීරණය කරන්නේ.
5 Minute Chart එකේ Market Prices තියෙන්නේ,
- ලා නිල් පාට ඉරට උඩින් නම්, Market Direction එක Up : එතකොට ඉහළට ඇති වෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්නට ඕනේ.
- ලා නිල් පාට ඉරට යටින් නම්, Market Direction එක Down : එතකොට පහළට ඇති වෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්නට ඕනේ.
මොන වෙලාවටද Trade එකකට Enter වෙන්නේ?
- 5 Minute Chart එකේ රෝස පාට ඊතලයක් හැදුන ගමන්ම… 1 Minute Chart එකට අවධානය යොදන්න.
- 5 Minute Chart එකේ හැදුන රෝස පාට ඊතලයේ දිශාවටම 1 Minute Chart එකේ හැදෙන පළවෙනි කොළ, රෝස හෝ සුදු ඊතලය තමයි Entry Trigger එක වෙන්නේ. එහෙම ඊතලයක් හැදුන ගමන්ම Trade එකට enter වෙන්න.
Franco ගේ Trading Strategy එක භාවිතයෙන් 30 Seconds සහ 60 Seconds Trades යොදන අයුරු.
මේ වීඩියෝ එකේ තියෙන්නේ Francoගේ Trading System එක භාවිතයෙන් ප්‍රයෝගිකව 30 Second – 60 Second Trades කරන ආකාරය ගැනයි.
ඒ කියන්නේ…
- 30 – 60 Second Option එකකට enter වෙන්න නම් අළුත් candle එකක පළමු තත්පර 15-25 අතර කාලයේදී Market Trend එකේ දිශාවටම 1 Minute Chart එකේ කොළ, රෝස හෝ සුදු ඊතලයක් ඇති විය යුතුයි.
- 30 Second Options Trade කරන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද 30
Sec. Options වල Payout එක 65%-67% වෙනවා. එතකොට loss එකක් වුණොත් ඒක cover
කරගන්න තව trades 2ක්ම හරියන්න ඕනේ නේ.
Franco ගේ Trading Room එකේ භාවිතා වෙන අනෙකුත් Trading Strategies
ඒ ගැන හැමදෙයක්ම මේ සබැඳියෙන් දැන ගන්නට පුලුවන්.
http://www.binaryoptions-signals.com/strategy/
Franco ගේ Trading Rules
1. හැකි සෑම විටම sideways tightenings වල trade කිරීමෙන් වළකින්න. ඒවා හඳුනා ගන්නේ කොහොමද?
- Trading Ranges අතරේ දුර, (Francoගේ Trading System එකේ රතු හා කහ ඉරි 2 අතරේ දුර) ගොඩක් අඩු වේලාවන් වලදී
- Candles වල උස ප්‍රමාණය ගොඩාක් අඩු වේලාවන් වලදී
- එක පෙළට පොඩි candles ගොඩක් ඇති නමුත් price වෙනස් වීම ගොඩක් අඩු වේලාවන් වලදී
2. High Impact New Release වලට විනාඩි 5 කට පෙර හා පසු trade කිරීමෙන් වළකින්න.
- මේ news ForexFactory එකේ රතු පාටින් දක්වලා තියෙනවා.
3. Over Trade කරන්න එපා
- එක දිගට දිනුම් 3-5 කට පස්සේ පොඩ්ඩක් නැගිටලා එලියට ගිහින් රවුමක් දාලා එන්න.
4. එකදිගට trades 3-4ක් loss වුණොත්
- Trading නවත්තන්න. Room එකෙන් එලියට යන්න. නැතිනම් ඔයා තව loss කර ගන්නවා. හැඟීම් වලට වහල් වෙලා අනවශ්‍ය තිරණ ගන්න ගිහින්.
5. DX එක Momentum Bars 8-9ක් hit කලොත් විනාඩි 5ක break එකක් ගන්න.
- Franco ගේ charts වල පහළ දකුණේ මේ index windows නිතරම open වෙලයි
තියෙන්නේ. ඒ index windows අතරින් DX විදියට දක්වලා තියෙන්නේ DJ30 එකයි. මේ
DX window එකේ තියෙන Momentum Bar එකේ කොටු කීයක් පිරෙනවද කියලා බලන ඉන්න.
8-9 ට වැඩි නම් විනාඩි 5 විතර විවේකයක් ගන්න එක ඔයාගේ trading account එකේ
ආරක්ෂාවට හොඳයි.
6. එක දිගට News Alerts ගොඩක් තියෙනවා නම් ඒ වෙලාවට trade කරන්න එපා.
7. Trading Session එක පටන් ගත්තට පස්සේ තව එක එක දේවල් (Facebook,
Email භාවිතයෙන් වළකින්න…) කරන්න යන්න එපා. Trading වලට අවධානය දෙන්න.
Franco ගේ Live Trading Session එකක සැකැස්ම
(මේ සියළු වේලාවන් දක්වා ඇත්තේ ලංකාවේ වේලාවෙනි.)
ප.ව. 7.30 – 8.00 : Live Trading Room එක Trading සඳහා විවෘත වීම. අපිට system එක භාවිතයෙන් Trading පටන් ගන්නට පුළුවන්.
ප.ව. 8.00 – 8.30 : Franco පැමිණීම සහ Trading ඇරඹීම.
ප.ව. 8.30 – 9.30 : Power Hour : මේ කාලය තුලදී Chat Room එක භාවිතා නොකෙරේ. Trading සඳහා පමණක් අවධානය යොමු කරයි.
ප.ව. 9.30 – 10.00 : නවක ඔබගේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොදන කාලය.
Trading Room එක භාවිතා කිරීම අරඹා 4 වෙනි දිනයේ පටන් මේ කාලය තුලදී ඇති
තරම් ප්‍රශ්න ඇසිය හැක.
FAQs?
Trade කරන Asset එකේ Expiry Time එක මොකද්ද?
සාමාන්‍යයෙන් Franco trade කරන්නේ 60 second options. Market එකේ ඒ
වෙලාවේ තියෙන momentum එකේ හැටියට තමයි ඔයා ගන්න asset එකේ expiry time එක
තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් fast moving market එකකදී නම් 30-60 Sec.
Options ත් slow moving market එකකදී නම් 5 min Options ත් තෝරාගන්නට ඕනේ.
Martingale Strategy එක යොදාගන්නවාද?
Franco Martingale Money Management Strategies පාවිච්චි කරන්නට අනුබල
දෙනවා. මම නම් ඒ වැඩේට එච්චර කැමති නැහැ. අනවශ්‍ය ලෙස ලොකු risk එකක්
ගැනීමක් තමයි වෙන්නේ. මම මේ ගැන හොඳ ලිපියක් ඉදිරියේදී ලියන්න තමයි ඉන්නේ. ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස්… හරහා නුදුරු දිනයකදී එම ලිපිය කියවිය හැකියි.
එහෙනම් ඔබට BinaryOptionsTradingSignals.com එකේ Francoගේ අනුගාමිකයෙක් විදිහට සාර්ථක Binary Options Trading Career එකක් ලඟා කරගන්නට සුබ පතනවා.